
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයකුට ශ්‍රේෂ්ඨාධිකරණය වසර තුනක සිර දඬුවමක් නියම කර තිබේ.
වගඋත්තරකාර නීතිඥ ප්‍රියන්ත ජයතුංගට අධිකරණය වසර තුනක සිර දඬුවමක් නියම කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් එම දඬුවම 2024 ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව සැළකේ.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකට පෙනී සිටියදී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු සත්‍යය යටපත් කර තමාට එරෙහිව දැඩි ද්වේෂ සහගත ලෙස ක්‍රියා කළ බවටත් දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ ඔවුන් වරදකරුවන් බවටත් චෝදනා කරමින් වගඋත්තරකාර නීතිඥවරයා ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා එල්ල වී තිබේ.
ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
විත්තිකරු අපහාස කිරීමේ චෝදනාවට වරදකරු බව ඔප්පු කිරීමෙන් පසු, අධිකරණය ඒ අනුව දඬුවම නියම කිරීමට කටයුතු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart