
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රය වෙත දක්වන දායකත්වය තවදුරටත් පුළුල් කරමින්, ‘ලාෆ්ස් පවර් පීඑල්සී’ (LAUGFS Power PLC) සමාගම ගිනිගත්හේන ප්‍රදේශයේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවකින් යුත් ‘කෙහෙල්ගමූ ඔය කුඩා ජල විදුලි ව්‍යාපෘතිය’ සාර්ථකව ජනගත කරමින් තම පුනර්ජනනීය බලශක්ති සංචිතය ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.
ලාෆ්ස් පවර් පීඑල්සී සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ‘පෑම්ස් පවර් පෞද්ගලික සමාගම’ (PAMS Power Pvt Ltd) විසින් මෙම ව්‍යාපෘතිය සංවර්ධනය කර ඇත.
කෙහෙල්ගමූ ඔයේ ස්වාභාවික ජල ගැලීම් රටාව භාවිත කරමින්, පරිසර හිතකාමී (Run-of-the-river) ක්‍රමවේදයට අනුව විදුලිය උත්පාදනය කර ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමට හැකිවන පරිදි මෙම බලාගාරය සැලසුම් කර තිබීම විශේෂත්වයකි.
සමාගම් වාර්තාවලට අනුව, මෙම බලාගාරය මගින් වාර්ෂිකව විදුලි ඒකක ගිගාවොට් පැය (GWh) 7ත් 8ත් අතර ප්‍රමාණයක් ජනනය කිරීමට අපේක්ෂිතය.
පොසිල ඉන්ධන මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමටත්, රටේ බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් උදාකරලීමටත් ශ්‍රී ලංකාව දරන උත්සාහයට මෙය මහඟු දායකත්වයක් වනු ඇති බව සමාගම පවසයි.
මෙම කුඩා ජල විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය හයිඩ්‍රෝ-මිකැනිකල් (Hydro-mechanical) යන්ත්‍රෝපකරණ ‘වීඑස් හයිඩ්‍රෝ’ (VS Hydro) සමාගමෙන් සපයා ඇති අතර, ජනක යන්ත්‍ර පද්ධති සහ විදුලි පුවරු ජර්මනියෙන් ආනයනය කර ඇත.
මෙලෙස අන්තර්ජාතික මට්ටමේ උසස් තාක්ෂණික මෙවලම් භාවිත කිරීම හරහා දිගුකාලීනව වඩාත් කාර්යක්ෂම, විශ්වාසදායක මෙන්ම ආරක්ෂිත මෙහෙයුම් පද්ධතියක් පවත්වාගෙන යාමට හැකිවන බව සමාගම පෙන්වාදෙයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart