
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පරිගණක දත්ත වෙනස් කර ත්‍රීරෝද රථයක අංකයක් යටතේ කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකළ අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට තම කොමිෂන් සභාව මේ දක්වා තීරණය කර නැතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂක (නීති) අනූෂා සම්මන්දප්පෙරුම කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නාය.
එම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 4 වැනිදා ලබාදුන් නියෝගය පුළුල්ව අධ්‍යයනය කර චෝදනා පත්‍රය ඉල්ලා අස්කරගෙන නැවත විත්තිකරුවන්ට එරෙහිව නව චෝදනා පත්‍රයක් ගොනුකරන්නේද නැතිද යන කරුණු ඉදිරියේදී මහාධිකරණයට දැනුම් දෙන බවද අනූෂා සම්මන්දප්පෙරුම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහට වැඩිදුරටත් දැනුම් දුන්නාය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙර කී අධිචෝදනා පත්‍රයට අත්සන් තැබීම අභියෝගයට ලක්කරමින් දෙවැනි විත්තිකරු ලෙස නම් කොට තිබූ වර්තමාන ඉඩම් කොමසාරිස් ජෙනරාල් බන්දුල ජයසිංහ ගොනුකළ චෝදනා පත්‍රය අනුව කටයුතු කිරීම තාවකාලිකව වළක්වමින් පසුගිය හතර වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇති බවත්, ලබන අටවැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම පෙත්සම කැඳවන තෙක් එම අතුරු තහනම් නියෝගය බලාත්මක බවත් නීතිඥ නෆිල් පාරිස් අධිකරණයට පැවැසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් පෙත්සම්කාර දෙවැනි විත්තිකරු ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකළ අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට හෝ එලෙස ඉල්ලා අස්කරගෙන නැවත පැවරීමට බාධාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි ද සහකාර අධ්‍යක්ෂක අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
2015.5.16 හා 2015.9.23 අතර කාලය තුළදී පෙර කී වරද සිදු කිරීම හා ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා හැටක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව ලබන ජූලි 29 දක්වා කල්තැබීමට මහාධිකරණ විනිසුරුවරයා ඊයේ නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart