
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහි නඩුවේ විභාගය ජුනි 12 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
දැනට විදේශගතව සිටින නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නොපැමිණීම සහ නීතිපති දෙපාර්තමේන්තුව ගොනුකළ ඇතැම් විරෝධතා මෙතෙක් අධිකරණයට ලැබී නොතිබීම හේතුවෙන් නඩුව එලෙස කල්තැබිණි.
නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා සමාජය හා සාමය සඳහා වූ මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයකුගේ පියා වන සුරාජ් නිලංග විසින් ගොනුකර ඇති මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැළැක්වීමට බුද්ධි අංශ පූර්ව අනතුරු ඇඟවීම් ලබාදී තිබියදීත් එය වැළැක්වීමට ඔහු අපොහොසත් වූ බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.
මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබ තිබේ.
බුද්ධි අංශ වාර්තා අනුව ක්‍රියානොකිරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනගේ සාපරාධී වගකීම තහවුරු කරමින් තමන් පොලිස් මූලස්ථානයට සාක්ෂි ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කරුවවෝ තර්ක කරති.
තම පැමිණිල්ලට අනුව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා අපොහොසත් වී ඇති බව ද ඔවුන් පෙත්සමෙන් වැඩිදුරටත් පවසා තිබේ.
ඒ අනුව, නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට බලකරමින් මැන්ඩමුස් ආඥාවක් නිකුත් කරන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart