
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තංගල්ල ප්‍රදේශයේ සිට වන්දනාකරුවන් රැගත් පෞද්ගලික බස් රථයක් ඊයේ (04)රාත්‍රී 09.20 පමණ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල මවුන්ට් 07 හෝටලය අසළින් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවූ අතර යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි වහා ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා සාමාජිකයින් අනතුරට පත් පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහභාගී වී ඇත.
විජයබා පාබල රෙජිමේන්තුව, ගැමුණු හේවා බලඇණිය හා කමාන්ඩෝ රෙජිමේන්තුව ඇතුළු 200කට ආසන්න යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් මෙම හදිසි මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ඊයේ රාත්‍රී සිට මේ දක්වා අනුයුක්ත කර ඇත.
බස් රථය ප්‍රපාතයෙන් පහළටම ගොස් නතරවී තිබෙන අතර කිලෝමීටර් භාගයක සිට අනතුරට පත් පුද්ගලයන් ඉහළට රැගෙන ඒම ඉතා අසීරු කාර්යයක් වූ අතර යුද්ධ හමුදා කමාන්ඩෝ රැෆලින් ඇතුළත් මුදාගැනීමේ සාමාජිකයින්ගේ ආධාරයෙන් එම පිරිස මුදා ගැනීමට කටයුතු සිදුකර බදුල්ල, බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල් වෙත ගිලන් රථ මගින් යොමු කිරීමට කටයුතු සිදුකර ඇත.
මෙම මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් සමඟ ප්‍රදේශවාසීන් රැසක් එක් වූ අතර ඔවුන්ගේ කැපවීම හා දැඩි පරිශ්රමය මත අද උදෑසන වන විට මුදවාගැනීමේ මෙහෙයුම අවසන් කිරීමට හැකියාව ලැබිණි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart