
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් රට පුරා වෙළෙන්දන් 135 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
පසුගිය මාසය තුළ දිවයින පුරා සිදු කරන ලද වැටලීම්වලදී මෙලෙස වෙළෙන්දන් 135 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව අධිකාරිය පැවසීය.
වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙන්දන්ට සහ තොග සඟවා තබන අය සෙවීමේ වැටලීම් අඛණ්ඩව කරගෙන යන බව අධිකාරිය තවදුරටත් පැවසීය.
වැඩි මිලට සහල් විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් වන වෙළෙන්දකුට රුපියල් 100,000 සිට රුපියල් 500,000 දක්වා දඩ මුදල්, මාස පහක් දක්වා සිර දඬුවම් හෝ ඒ දෙකම නියම කළ හැකි බව අධිකාරිය අවධාරණය කළේය.
නීතිය උල්ලංඝනය කරන පෞද්ගලික සමාගම්වලට රුපියල් 500,000 සිට රුපියල් මිලියන 5 දක්වා දඩ මුදල් නියම කළ හැකි අතර සහල් සඟවා තැබීම සම්බන්ධ නඩුවලදී, පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ අදාළ භාණ්ඩ රාජසන්තක කිරීමට අමතරව දඩ, සිර දඬුවම් හෝ ඒ දෙකම නියම කිරීමට තමන්ට බලය ඇති බව අධිකාරිය පවසයි.
තවද, නැවත වරදක් සිදුවුවහොත්, දඩ මුදල මෙන් දෙගුණයක දඩයක් සහ වසරක් දක්වා සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට බලය ඇති බව අධිකාරිය වැඩිදුරටත් පැවසීය.
මේ අතර, වෙළඳපොළේ ‘කීරි සම්බා’ සහල් හිඟය තවදුරටත් පවතින බව වෙළඳුන් පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart