
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දොරොව්ව ප්‍රදේශයේ ඉරිදා (06) සවස සිදුවූ මාර්ග අනතුරකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකුගේ ගමන් බෑග් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350ක් සොයා ගැනීමට කොටදෙනියාව පොලිසිය සමත්ව ඇත.
පොලිසිය පවසන පරිදි, බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් යතුරුපැදිකරු සහ පසුපස ගමන් කළ පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇත.
තුවාලකරුවන් පළමුව දඹදෙනිය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා තිබේ.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතරතුර කොටදෙනියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අනතුරට ලක්වූවන්ගේ පෞද්ගලික භාණ්ඩ පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 සහ 25 යන වයස්වල පසුවන දෙදෙනෙකි.
සොයාගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart