May 7, 2023

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසින් දරිද්‍රතා අනුපාතිකය සියයට 13.1 සිට සියයට 25 දක්වා දෙගුණයකින් වැඩි කර ඇති බව ලෝක බැංකුව පෙන්වාදෙයි.

ජනතාවගේ ජීවනෝපාය සඳහා ඇති විවිධ අවදානම් හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ එය සියයට 25 ට වඩා ඉහළ මට්ටමක අඛණ්ඩව පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බවද ලෝක බැංකුව සඳහන් කරයි.

පසුගිය සතියේ ශ්‍රී ලංකාව පිළිබඳ වසරක ආර්ථික සමාලෝචනයන් යාවත්කාලීන කරමින් ලෝක බැංකුව මේ බව පවසා ඇත.

වත්මන් ආර්ථික අර්බුදය විසින් රටට අතිරේක දුප්පතුන් මිලියන 2.5 ක් එකතු කර ඇති බවද ලෝක බැංකුව අනාවරණය කරයි.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 5.7 ක් දරිද්‍රතා රේඛාවෙන් සියයට 10ට වඩා අඩුවෙන් ජීවත් වන අතර, තවත් සියයට 5.6 ක් ඊට ඉහළින් සියයට 10 ත් 20 ත් අතර ජීවත් වෙති. වාර්තාවන්ට අනුව සුළු ආදායම් කම්පනයකදී මෙම සියලු කුටුම්භ දරිද්‍රතාවයට ඇද වැටීමට ඉඩකඩ පවතී.