
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිල්කෝ ආයතනයේ හයිලන්ඩ් සන්නාමය යටතේ ඉහළම අලෙවි ඉලක්ක සපුරමින්, ඉතිහාසගත ලාභයක් වාර්තා කර විශිෂ්ට කාර්ය සාධනයක් ලබාදුන් සේවක මඩුල්ලට කාර්යසාධන දිරිගැන්වීම් ප්රදානය කර තිබේ.
එම සේවකයන් ඇගයීමේ අරමුණ ඇතිව සංවිධාන කෙරුණු මෙම කාර්යසාධන දිරිගැන්වීම් ප්රදානෝත්සවය නාරාහේන්පිට මිල්කෝ කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (31) පැවැත්විණ.
“අපේ ආණ්ඩුව පත්වෙද්දී විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ ආයතනය එයින් මුදාගෙන ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අපට හැකි වුණා. 2025 ඔක්තොබර් මස වනවිට රුපියල් මිලියන 1490ක ලාභයක් අත්පත් කරගෙන තිබෙනවා. මෙය මිල්කෝ ඉතිහාසයේ ලබාගත් ඉහළම ලාභ අගයයි.” යනුවෙන් විෂයභාර අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කර තිබේ.
උපයා ඇති ලාභයෙන් කොටසක් කිරි ගොවීන් අතර දිරි දීමනාවක් ලෙස බෙදාදීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.
එසේම කිරි ගොවීන් 15,000ක් සඳහා 2026 වසරේදී නොමිලයේ කිරි ගොවි ජීවිත රක්ෂණාවරණයක් ලබා දීමට ද රජය සැලසුම් කර ඇත.
මිල්කෝ ඉතිහාසයේ ඉහළම විකුණුම් ආදායම් ලැබූ වසර බවට 2025 වර්ෂය පත්ව ඇති බවත් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලුම දෙනාට තම ගෞරවය පිරිනමන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart