
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට වනජීවී ඡායාරූප ශිල්පියකු වන ලක්ෂිත කරුණාරත්නගේ ‘විෂ ඉඟිය’ ලෙස නම් කළ ඡායාරූපය වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තෝරන සම්මානලාභී ඡායාරූප 100 අතරට ඇතුළත් වී තිබේ.
මෙම සම්මාන උලෙළ ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය විසින් පවත්වන්නේ 61 වැනි වසරටයි.
ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානයක් හරහා ගමන් කරන තනි අලියකු නිරූපණය කරන ලක්ෂිත කරුණාරත්නගේ ඡායාරූපය සම්මානය සඳහා ඉදිරිපත් කරන ලද විශ්මයජනක ඉදිරිපත් කිරීම් 60,636කින් තෝරාගෙන ඇත.
මෙරට දළ වශයෙන් සිදු වූ 7,500ක් පමණ වන අලි – මිනිස් ගැටුම් ලක්ෂිත වාර්තා කරමින් සිටී.
අවාසනාවකට මෙන්, මෙයට මෙරට විවෘත කුණු ගොඩවල්වල නිතිපතා ආහාර සොයන අලින්ද ඇතුළත් වේ.
“ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ 61 වැනි වරට වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා සඳහා ඉදිරිපත් කරන ලද විශ්මයජනක ඡායාරූප 60,636කින් තෝරාගත් සම්මානලාභී ඡායාරූප 100න් එකක් ලෙස මගේ ‘විෂ ඉඟිය’ ඡායාරූපය තෝරාගැනීම ගැන මම අතිශයින් නිහතමානී වනවා,” යැයි ලක්ෂිත අදහස් දක්වමින් පැවසීය.
අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීමේ විනාශකාරී ප්‍රතිවිපාක සහ ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට එමගින් වන විනාශකාරී හානිය පිළිබඳ මෙමගින් අදහසක් ලැබෙන බව ඔහු පවසයි.
බොහෝ විට වනජීවී ඡායාරූපකරණයේ ඔස්කාර් සම්මානය ලෙස මෙම සම්මානය හැඳින්වෙයි.
“ඡායාරූපකරණය කලාවක් පමණක් නොව, හඬක් නැති අය සඳහා හඬක් ද බව නැවත වරක් ලෝකයට මතක් කර දී තිබෙනවා. නිල මාධ්‍ය නිකුතුව සඳහා ‘විෂ ඉඟිය’ තෝරා ගැනීම ගැන මම සැබවින්ම කෘතඥ වෙනවා. අද වන විට ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මුද්‍රිත, විකාශන සහ ඩිජිටල් මාධ්‍ය ආයතන හරහා මෙම කතාවට දේශසීමා ඉක්මවා වේදිකාවක් ලබා දෙනවා” යනුවෙන් ද ඔහු පැවසීය.
“අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව කළමනාකරණය කරන ලෝකයක් කරා අපි ගමන් කළ යුතුයි, තිරසාරභාවය යනු තේරීමක් නෙවෙයි ජීවන රටාවක්. අපේ අලි ඇතුන් ආරක්ෂා කිරීමෙන්, අපි විශේෂයක් පමණක් නෙවෙයි අප සැමට අයත් සොබාදහමේ ආත්මය ද ආරක්ෂා කරනවා,” යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart