
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරුවකු වන ලහිරු තිරිමාන්න අන්තර්ජාතික ක්රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
2010 වසරේදි අන්තර්ජාතික ක්රිකට් පිටියට පිවිසි තිරිමාන්න, ටෙස්ට් තරග 44කට, එක්දින තරග 127කට සහ පන්දුවාර 20 තරග 26කදි ශ්රී ලංකාව නියෝජනය කළ පිතිකරුවෙකි.
එමෙන්ම, ඔහු 2014 වසරේ පන්දුවාර 20 ලෝක කුසලානය ජයග්රහණය කළ ශ්රී ලංකා කණ්ඩායමේ සමාජිකයෙක් වේ.
සිය සමුගැනීමේ තීරණය දැනුම්දෙමින් තිරිමාන්න සදහන් කර ඇත්තේ, තමන්ට ශ්රී ලංකා නියෝජනය කිරීමට හැකිවිම ගෞරවයක් බවයි.
රට වෙනුවෙන් කළ හැකි උපරිමය සිදුකළ බවද ඔහු එමගින් සදහන් කර තිබේ.
අන්තර්ජාතික ක්රිකට් පිටියට සමුදීමට තීරණය කළේ ඉතා අපහසුවෙන් බවද ලහිරු තිරිමාන්න පවසා ඇත.
ශ්රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස ද කටයුතු කර ඇති ලහිරු තිරිමාන්න මේ වන විට 33වන වියේ පසුවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart