July 28, 2023

කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට අදාළව ලේඛනාගාරයේ ලිපිගොනුවක ඇතුළත් ලිපි ලේඛනවල පිටපත් දෙකක් ඉරා විනාශ කළ බව කියන නීතිඥවරියක් කැකිරාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය අධිකරණ රෙජිස්ට්‍රියේ තිබූ ඉඩම් නඩුවකට අදාළ ලිපිගොනුවක ලිපි ලේඛන දෙකක් ඉරා අධිකරණය තුළදී ඒවා හපා විනාශ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

ලේඛනාගාරයේ රාජකාරියේ යෙදී සිටි අධිකරණ නිලධාරීන් මේ බව අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට දැන්වීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන ඇත.

ඒ වනවිට අධිකරණයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සැකකාර නීතීඥවරිය පරීක්‍ෂා කිරීමේදී, ඇය හපමින් විනාශ කර තිබූ ලිපි ලේඛන කොටස් කිහිපයක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, නීතීඥවරිය හෙට (28) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ය.