
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවට අවශ්‍ය පරිදි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ක්‍රියා කරන බව විශ්වාස නොකරන බවත්, එවැනි චෝදනා තමන් එකහෙළා ප්‍රතික්ෂේප කරන බවත්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා විනිසුරු කුමාර් ධර්මසේන සඳහන් කළේය.
එමෙන්ම තමන් විනිශ්චය කළ කිසිම තරගාවලියකදී එවැනි බලපෑමක් සිදු නොවූ බව ද ඔහු පැවසීය.
අද දෙරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“යම්කිසි කණ්ඩායමකට වාසි විදියට තණතීරු හදනවා කියලා පිළිගන්න බැහැ. ICC තරගාවලියේදී තණතීරුවල භාරකාරීත්වය දරන්නේ ICC එකෙන්.
වර්ල්ඩ්කප් එකක් කියන්නේ ලොකු පීඩනයකින් ක්‍රීඩා කරන තරග මාලාවක්. අපේ ක්‍රීඩකයන්ට ඒ පීඩනය හසුරුවන්න දැනුම තියෙනවා ද? එය හසුරුවන්න පුළුවන් ද? එවැනි ක්‍රීඩකයන්ද අපේ හිටියේ. අන්න ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් නම් මම හිතනවා අපිට හොඳ අවසාන ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා.
මම පෞද්ගලිකව හිතනවා අපේ කණ්ඩායම සියයට සියයක් හොඳට ක්‍රීඩා කළේ නැති වුණත් නවවැනි ස්ථානයට ආපු එක ගැන අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්. මම හිතුවේ නෑ පටන් ගත් දවසේ ඉඳලම ශ්‍රී ලංකාවට මේක දිනන්න පුළුවන් කියලා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart