
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ කතිරවේලු ෂන්මුගම් කුගදාසන් අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ විගස ඔහු කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක රාජවරෝතියම් සම්බන්ධන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිසම පසුගිය සතියේ කුහදාසන් නම් කර තිබුණි.
දෙමළ ජාතික සන්ධානයේ (TNA) හිටපු නායක සහ හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ජුලි මස 01 වැනි දින අභාවප්‍රාප්ත වූ අතර, ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 91 කි. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart