
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිෂ් සමාගම සම්බන්ධ නඩුවට අදාළව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කර ඇත.
විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය ලබා දී තිබේ.
මේ අතර, ක්‍රිෂ් සමාගමට සම්බන්ධ රුපියල් මිලියන 70ක සාවද්‍ය පරිහරණය ගැන නීතිපතිවරයාගේ උපදෙස් කඩිනම් කරන ලෙස අධිකරණය විසින් නීතිපතිවරයාට සිහිකැඳවීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග පිලිබඳ නීතිපති උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ලැබී නොමැති බව අධිකරණයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුව සඳහා ඉන්දීය දේපළ වෙළඳාම් සමාගමක් වන ක්‍රිෂ් ලංකා පෞද්ගලික සමාගම විසින් ලබාදුන් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට පවරා ඇති නඩුවට අදාළව මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී ඇත.
ක්‍රිෂ් ලංකා පෞද්ගලික සමාගම විසින් අදාළ මුදල සිලෝන් ප්‍රිමියම් ක්‍රීඩා සභාපති නිහාල් හේමසිරි පෙරේරා වෙත ලබාදී ඇති බව පැමිණිලි පාර්ශවය චෝදනා කරයි.
ක්‍රිෂ් ලංකා සමාගම විසින් නිහාල් හේමසිරි පෙරේරාට අයත් HSBC බැංකු ගිණුමකට මුදල් ප්‍රේෂණය කර ඇති බවත්, පසුව අවස්ථා දෙකකදී ඔහු එම මුදල් නාමල් රාජපක්ෂට ලබාදී ඇති බවත්, FCIDය මඟින් ආරම්භ කළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
එම සමාගමෙන් ලබාදුන් මුදල් සැබෑ කටයුත්තට යොදා නොගෙන සැකකරු විසින් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart