
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ සමීපතමයන් 100කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඒ අතර පැවැති ආණ්ඩුවල ඇමැති ධුර දැරූ 26 දෙනෙක් ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.
සිය ආදායමට වඩා විශාල වශයෙන් දේපළ උපයාගෙන ඇති බවට ඒ අයට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කෙරේ.
මෙම දේශපාලනඥයන්ට අයත් වාහන, ඉඩකඩම්, මුදල්, ඉන්ධන පිරවුම්හල් ඇතුළු දේපළ ඇත්තේ ඔවුන්ගේ සමීපතමයන්ගේ නම්වලින් බව ද එම පැමිණිලිවල සඳහන්ව ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ඇතැම් දේශපාලනඥයන් දේශපාලනයට පිවිසෙන විට ඉන්න හිටින්නට හරිහමන් ස්ථානයක් පවා තිබී නැති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
එහෙත් දේශපාලනයට පිවිස වසර 05ක් 10ක් තුළ ප්රකෝටිපතියන්ව ඇත්තේ ඔවුන් නීත්‍යනුකූලව උපයාගන්නා ආදායමට වඩා වත්කම් උපයා ගනිමින් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සිය ආදායමට වඩා වත්කම් උපයා ගැනීම් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය 1500කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන පවත්වනු ලබයි.
දේශපාලනඥයන් මෙන්ම පොලීසියේ හා හමුදාවල ඉහළ තනතුරු දරන පුද්ගලයෝ ද ඒ අතර සිටිති.
ඇතැම් ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් පොලිසියට එක්වූ දා සිට සිය වැටුප මෙන්ම නීත්‍යනුකූලව ලැබෙන ත්‍යාග වියදම් නොකර ඉතිරි කරගත්තද එම මුදලින් උපයාගැනීමට නොහැකි තරමේ වත්කම් උපයාගෙන ඇති බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
ඇතැම් පොලිස් නිලධාරීන්ට මාලිගා වැනි නිවාස, හෝටල්, අක්කර ගණනින් වතුපිටි, සුඛෝපභෝගී වාහන ද ඇති බව සඳහන්ය.
ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් සිය පවුල් පිටින් නිවාඩු ගතකිරීමට යුරෝපීය රටවල සංචාරයන්වල නිරත වන බවත් එවැනි සංචාරයක් ඔවුන් ලබන වැටුපෙන් කිසිසේත් කළ නොහැකි බව ද එම නිලධාරියා කීය.
නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පැමිණිල්ලක් ලැබුණු පමණින් පුද්ගලයන් කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න නොකරන බව ද එම නිලධාරියා කීය.
මුලින්ම බුද්ධි අංශ මඟින් තොරතුරු රැස්කර බැංකු, දුරකතන වාර්තා, විදෙස් සංචාර තොරතුරු ආදී තොරතුරු විශාල ප්‍රමාණයක් රැස්කර ගැනීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම් සිදුවන බව ද එම නිලධාරියා කීය.
මෙහි දී විමර්ශනයට ලක්වන පුද්ගලයාගේ සමීපතයන් සතුව ඇති වත්කම් ගැනද සොයා බැලීමක් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙන්ම හිටපු ඇමැතිවරයෙක්ද වන සාගල රත්නායක, හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, හිටපු අමාත්‍යවරයෙක් වන පියසේන ගමගේ, හිටපු ආණ්ඩුකාරවරයෙක්, මහඇමැතිවරයෙක්ද වන මහීපාල හේරත් මහත්වරුන්ගෙන් මේ වන විට නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලැබිණි.
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරව ද හෙට (20) දිනයේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබේ.
ඊට අමතරව හිටපු කම්කරු රාජ්‍ය අමාත්‍යවරයෙක් වූ වඩිවෙල් සුරේෂ් ව ද නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා ඇත.
විමර්ශනයට ලක්වන දේශපාලනඥයන්, පොලීසියේ හා හමුදාවේ සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් නීතිවිරෝධිව යම් දේපළක් උපයාගෙන ඇති බවට අනාවරණය වුවහොත් එම දේපළ මුලින්ම තහනම් කිරීමටත් පසුව රාජසන්තක කිරීමටත් පියවර ගනු ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart