
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති, ශ්‍රී ලංකාවේ උපන් මහාචාර්ය නිශාන් කනගරාජා වින්ඩ්සර් මාලිගයේ පැවැත්වුණු රාජකීය උත්සවයකදී තුන්වන චාල්ස් රජු අතින් නයිට් පදවියෙන් පිදුම් ලැබීය.
විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සැමට සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් මහාචාර්ය කනගරාජා ඉටුකළ සුවිශේෂී සහ අමිල මෙහෙවර අගය කරමින්, 2026 වසරේ රජුගේ අලුත් අවුරුදු නිර්දේශ නාමාවලියට ඔහුගේ නම ඇතුළත් කර තිබුණි.
රාජකීය සම්ප්‍රදායට අනුව මහාචාර්ය කනගරාජාගේ උරහිස් මත කඩුව තබා ස්පර්ශ කරමින් චාල්ස් රජු විසින් නිල වශයෙන් මෙම නයිට් පදවිය පිරිනමනු ලැබීය.
ශ්‍රී ලංකාවේ උපත ලබා මූලික අධ්‍යාපනය හැදෑරූ මහාචාර්ය කනගරාජා, පසුව එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය අතර එහිදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් 1989 වසරේදී තම ප්‍රථම උපාධියත්, 1993 වසරේදී ආචාර්ය උපාධියත් සාර්ථකව නිම කළේය.
බර්ක්ෂයර්හි පිහිටි වින්ඩ්සර් මාලිගය වෙත පැමිණි මහාචාර්ය කනගරාජා, සම්මානය ලැබීමෙන් පසු මෙසේ අදහස් දැක්වීය:
“චාල්ස් රජු අතින් මේ වගේ ගෞරවනීය සම්මානයක් ලැබීම මට ලොකු ආඩම්බරයක් වගේම කෘතඥතාවක්. මේ ජයග්‍රහණය පිටුපස මගේ පවුලේ අය, හිතමිතුරන් මෙන්ම අතීත සහ වර්තමාන සගයන් ඇතුළු විශාල පිරිසකගේ කැපවීම තියෙනවා. මේ ඇගයීම ඒ හැමෝගෙම උත්සාහයේ ප්‍රතිඵලයක්.
එ වගේම මම හිතනවා මේ ගමන තවත් බොහෝ දෙනෙකුට ආදර්ශයක් වේවි කියලා. වරක් යුද්ධයෙන් බැටකාපු ශ්‍රී ලංකාවේ හැදුණු වැඩුණු පිරිමි ළමයෙක් විදිහට, අද මේ වගේ රාජකීය ඇගයීමකට ලක්වීම සැබවින්ම සුවිශේෂී සංධිස්ථානයක්. මේ හැමදේටම පදනම වුණේ අධ්‍යාපනයේ තියෙන පරිවර්තනීය බලය සහ ඒ තුළින් උදාවුණු අවස්ථාවන්. අන්න ඒ නිසයි, අනෙක් අයට තමන්ගේ උපරිම දක්ෂතා අතරට යන්න තියෙන බාධක ඉවත් කරන්න මම තවදුරටත් කැපවෙලා කටයුතු කරන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart