
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“වගකීම් විරහිත” ගංවතුර හැසිරවීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය කැබිනට් මණ්ඩලයට බරපතල ලෙස දොස් පවරා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
නිවර්තන කලාපීය ඛානුන් කුණාටුව මේ මස මුලදී උතුරු කොරියාවට කඩාවැදුණු අතර, දුර්වල යටිතල පහසුකම් සහ පුළුල් වන විනාශය හේතුවෙන් රටේ ගංවතුර අවදානම ඉහළ නංවා ඇත.
ප්‍යොංයැං හි රාජ්‍ය ජනමාධ්‍යයට අනුව ප්‍රමාණවත් ජලාපවහන පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් ප්‍රධාන කුඹුරු ඇතුළුව හෙක්ටයාර් 560 (අක්කර 1,400 ක් පමණ) වැඩි භූමි ප්‍රමාණයක් මුහුදු ජලයෙන් යටව තිබේ.
රාජ්‍ය ජනමාධ්‍යවල ප්‍රචාරය කර ඇති ඡායාරුපවලින් පෙන්නුම් කෙරෙන්නේ, කිම් නැම්ෆෝ ප්‍රදේශයේ ගංවතුරෙන් යට වූ වෙල්යායක දණ දක්වා බැස සිටින ආකාරයයි.
කිම් මෙහිදී පවසා ඇත්තේ, මෑත කාලීන හානිය “ස්වාභාවික විපත් නිසා ඇති වූ විපතක් නොව, වගකීම් විරහිතභාවයෙන් සිදු වූ මිනිස් ව්‍යසනයක්” බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart