February 7, 2026

කිළිනොච්චිය මහා විද්‍යාලයේ සිසුන් 39 දෙනකු බඹරුන් දෂ්ට කිරීම නිසා රෝහල්ගත කොට තිබේ.

විද්‍යාලයේ බිත්තියක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා කෝපයට පත් බඹරුන් විද්‍යාලයේ සිසුන්ට එළව එළවා දෂ්ට කොට ඇත.

බඹරුන් දෂ්ට කළ සිසුන් සියයකට වඩා සිට ඇති අතර ඉන් අසාත්මිකතාවයන් හා බඹරුන් වැඩි පිරිසක් දෂ්ට කළ සිසුන් පමණක් රෝහල්ගත කොට තිබේ.

රෝහල්ගත කර සිටින සිසුන්ගෙන් දෙදෙනකු සිහිවිසඥ තත්ත්වයෙන් පසුවන බවත්, ඉතිරි සිසුන්ගේ තත්වය සාමාන්‍ය බවත් විද්‍යාලයේ ගුරුවරයකු පවසා ඇත.

බඹරුන් දෂ්ට කිරීමෙන් පසුව පාසල වසාදමා කුඩා සිසුන් ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාරදුන් බවත් ජ්‍යෙෂ්ඨ සිසුන් නිවෙස්වලට යැවූ බවත් කී එම ගුරුවරයා මෙම පාසලේ සිසුන්ට බඹරුන් දෂ්ට කිරීම කාලයක සිට නිතර නිතර සිදුවන බවද සඳහන් කර තිබේ.

බඹර කූඩු ඉවත්කිරීමට පියවර ගන්නා නමුත් කූඩුවලින් ඉවත්ව යන බඹරුන් යළි ඉතා ඉක්මනිණින්ම එම කූඩුවලට පැමිණෙන බවද පාසලේ ගුරුවරයා වැඩිදුරටත් පවසා ඇත.(දිවයින)