
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18ක තරුණයකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
පෙරේදා (16 දා) සවස මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේගොඩ පදිංචිකරුවකු වූ කාලාංසි මහදුරගේ චතුක හංසන නම්වූ අයෙකි.
ත්‍රිරෝද රථයක් අලුත්වැඩියාව සඳහා ගොස් සිටියදී මොහුට පහරදී පැහැරගෙන ගොස් තිබූ අතර ඒ පිළිබඳව පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මකවූ උප පොලිසිය පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයාගෙන ඇත.
මෙම තරුණයාව පොලිසිය මගින් රෝහල්ගත කොට ඇති අතර සැකකාර පෙම්වතිය හා ඇගේ පියා ඊයේ (17 දා) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අ
ගලවත්ත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart