
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් සිසුවියක් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ත්‍රිරෝද රථ රියදුරෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය සඳහන් කරයි.
කෙසේවෙතත්, සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 16 හැවිරිදි පාසල් සිසුවකු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
කළුතර, හීන්තියන්ගල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අදාළ පාසල් සිසුවා විසින් බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන යෑමත් සමඟ මෙම සිද්ධිය අනාවරණය වී ඇත.
සිද්ධිය ඇසින් දුටු තවත් පාසල් සිසුවියක් මැදිහත් වී ත්‍රිරෝද රථයට ගොඩවී තම මිතුරිය බේරාගැනීමට උත්සාහ කර ඇත.
සැකකරු විසින් ත්‍රිරෝද රථය තුළදී දැරියන් දෙදෙනාටම ශාරීරිකව පහරදී ඔවුන් දෙදෙනා වෙනත් කාන්තාවකගේ නිවසකට රැගෙන ගොස් ඇති බවත්, ඇයද අත්අඩංගුවට ගෙන ඇති බවත්, පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය දැනගත් වහාම පාසලේ විදුහල්පතිවරයා දැනුවත්කර ඇති අතර, පසුව පොලිසියට පැමිණිලි කර ඇත.
එම මොහොතේ අදාළ ප්‍රදේශය සෝදිසි කිරීමට පොලිස් කණ්ඩායමක් පිටත්කර යවා තිබේ.
මෙහෙයුම අතරතුරදී ත්‍රිරෝද රථයේ සිටි සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය අසලදී සොයාගෙන ඇත.
ත්‍රිරෝද රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහලට රැගෙන යෑමට නියමිත බව පොලිසිය පවසයි.
ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට බලධාරීන් තවමත් සමත් වී නොමැති බැවින් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart