
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ජූනි මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී නියෝග කර තිබේ.
අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුගෙන් අද (21) ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම සැකකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා බවත්, ඔහු හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කර තිබෙන බවත් අල්ලස් කොමිසමින් නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරු විසින් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා පුද්ගලයන් 15 දෙනකු නම් කරමින් ඔවුන්ව පත් කරන ලෙස සිය අත්සනින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලැයිස්තුවක් යොමු කර තිබූ බවය.
එම පුද්ගලයින් 15 දෙනා කිසිදිනක අමාත්‍යාංශයේ සේවය කර නොමැති අතර, ඔවුන් එම තනතුරු සඳහා පත්කර තිබෙන්නේ නාමිකව බවත් ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාල දීමනා සියල්ල පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමකට බැරකර තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
එසේ නාමිකව පත් කරන ලද පුද්ගලයන්ගේ දීමනා සියල්ල අනුමත කර තිබෙන්නේ මෙම සැකකරු විසින් බවත් මේ හරහා රජයට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 80කට අධික බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම මුදල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දේශපාලන ආධාරකරුවන්ට හා හිතවතුන්ට ලබා දී ඇති බවත් අමාත්‍යවරයාගේ පෞද්ගලික පරිහරණය සඳහාද යොදාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනවරණ වූ බවත් අධිකරණය හමුවේ හෙළිවිය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බැවින් මෙම සැකකරු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරින් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ එහිදී සඳහන් කළේ, අල්ලස් කොමිසම එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart