
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
GI බට මිලදී ගැනීමකට අදාළ නඩුවට එරෙහිව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ තීරණය කළ අතර නඩුව අප්‍රේල් 4 වැනිදා යළි කැඳවීමට නියමිතය.
2015 ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ (SLRC) මුදල් යොදවා GI බට මිලදී ගෙන රජයට අයුතු පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් එවක ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.
හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා මෙම නඩුව පවත්වාගෙන යෑම අභියෝගයට ලක් කරමින් මූලික විරෝධතා ඉදිරිපත් කර තිබිණි.
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ ඇමැති රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ සහ එහි හිටපු සභාපති විමල් රූබසිංහ යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධි චෝදනා ගොනු කර තිබිණි.
මෙම නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු 2014 දෙසැම්බර් 2 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී අනවශ්‍ය ලෙස දිග GI පයිප්ප 600ක් මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් 990,000ක පාඩුවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart