
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.
ඒ අනුව, ඇමැතිවරයා තවදුරටත් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී, දිසානායක පවසයි.
අධිකරණ නියෝගයකට අනුව ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
ඇමැතිවරයාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණ කටයුතුවලට සහභාගි වීමට නොහැකි වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කර ඇති අතර, ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හත්දෙනා පෙබරවාරි 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart