August 18, 2026

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා රඹුක්වැල්ල අද උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.

අනුමත සේවක සංඛ්‍යාවට වඩා වැඩිපුර සේවකයන් හයදෙනකු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බඳවාගැනීම සහ එමගින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව මෙම විමර්ශනය සිදුකරන බව වාර්තා වේ.