
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාරයක ප්‍රථම කාන්තා සමූහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන කස්තුරි චෙල්ලරාජා විල්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
2024 මාර්තු 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි, සමූහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරින් කස්තුරි චෙල්ලරාජා විල්සන් ඉල්ලා අස්වන බව ඊයේ නිවේදනය කෙරිණි.
සමූහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරි කස්තුරි දශක දෙකකට වැඩි කාලයක් හේමාස් පවුලේ සාමාජිකාවක වූ අතර, සමූහ ප්‍රධාන විධායක නිලධාරී තනතුර භාර ගැනීමට පෙර සමූහය තුළ ව්‍යාපාර කිහිපයකට නායකත්වය ලබා දී ඇත.
2020 ඔක්තෝම්බර් මාසයේදී ඇය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වූවාය.
ආසියා පැසිෆික් කලාපයේ විවිධ ව්‍යාපාරික අවශ්‍යතා සහ ව්‍යාප්ති සැලසුම් අධීක්‍ෂණය කරමින් ගෝලීය සමාගමක් සමඟ නව භූමිකාවක් භාර ගැනීමට අදහස් කරමින් කස්තුරි මෙම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය ගෙන ඇත.
මෙම සුවිශේෂී අවස්ථාව ඇයට ශ්‍රී ලංකාව තුළ ඇයගේ කැපවීම් අඛණ්ඩව ඉටු කරන අතරම, අන්තර්ජාතික වේදිකාවේ ක්‍රියා කිරීමට ඉඩ සලසයි.
ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව, කස්තුරි හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරමින් තවදුරටත් සමුහය සමග සිය සබඳතාව පවත්වාගෙන යනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart