
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාමණේර හිමිවරුන් දෙදෙනෙකුට සහ බාලවයස්කාර දරුවන් දෙදෙනකුට නීතිවිරෝධී මත්පැන් පානය කිරීමට ලබාදුන් පුද්ගලයකු පල්ලෙවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42හැවිරිදි බොකලගම, ඉහළ දොළහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා මත්පැන් ලබාගත් ස්ථානය පරීක්ෂා කිරීමේදී නීති විරෝධී මත්පැන් බෝතල් 80ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පල්ලේවෙල පොලීසිය පවසයි.
මත්පැන් පානය කළ සාමණේර හිමිවරුන් දෙනම සහ විහාරස්ථානයේ නැවති සිටි (මහණ වීමට බලාපොරොත්තුවෙන් සිටින) දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර බව වාර්තා වේ.
කථන ආබාධ සහිත අදාළ සැකකරුගේ ඥාතියකු හරහා පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart