
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාතාල ලෝකයේ නායකයකු සහ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයකු බවට සැලකෙන කන්ජිපානි ඉම්රාන් නමැත්තාට ප්‍රංශ රටේ දේශපාලන රැකවරණ ලැබී ඇති බවට එරටින් ලැඛෙන ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
පාතාල නායකයකුට විදේශයකදී දේශපාලන රැකවරණය ලැබුණු පළමු අවස්ථාව මෙය ලෙස සැළකේ.
අන්තර්ජාතික පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇති පාතාල ලැයිස්තුවේ කන්ජිපානි නමැත්තා ද සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි.
පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින විශේෂ පොලිස් කණ්ඩායම් කන්ජිපානි නමැත්තා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු ඩුබායි රටට පළාගොස් එරට සිට සිය ගෝලබාලයන් මෙහෙයවමින් පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවුවකු යැයි පොලිසිය සඳහන් කරයි.
පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් නමැත්තා ඩුබාහි තරු හයේ හෝටලයක ඔහුගේ දරුවකු වෙනුවෙන් පවත්වන ලද උපන්දින සාදය එරට පොලිසිය විසින් 2019 වසරේ පෙබරවාරි මාසයේ වැටළණු ලැබූ අවස්ථාවේ මදුෂ් නැමැත්තා සමග ශ්‍රී ලාංකිකයෝ තිස්එක් දෙනකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිස්එක්දෙනා අතර කන්ජිපානි ද සිටි අතර, පසුව ඔවුන් මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ පිටුවහල් කරන ලද අය අතර ජනප්‍රිය ගායකයෙක් සහ එම ගායකයාගේ ගායකයකු වන පුතෙක් ද සිටියේය.
මෙම ගායක පිය පුතුන් දෙදෙනා ඩුබායි වලට ගොස් තිබුණේ මාකඳුරේ මදුෂ් නැමැත්තාගේ පුතා වෙනුවෙන් පැවැති උපන්දින සාදයට ගී ගැයීමට යැයි පැවැසේ.
අධිකරණය මගින් ඇප මත මුදාහැරීමෙන් පසු කංජිපානි නැමැත්තා වෙස් වලාගෙන මන්නාරමට ගොස් එහි සිට ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට පළාගොස් පසුව ප්‍රංශයට සංක්‍රමණය වී සිටියේයැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කන්ජිපානි නැමැත්තාට අධිකරණය මගින් ඇප ලබා දී තිබුණේ 2022 වසරේදීය.
ප්‍රංශයට පැනගත් පසු මොහු එරටේ බලධාරීන්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලා තිබිණි යැයි එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ.
කන්ජිපානි ඉම්රාන් නැමැත්තාගේ බිරිඳ තවමත් චුබායි රටේ සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව මෙරට පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මොහු ගේ මුදල් පරිපාලනය කිරීම සඳහා ඩුබායි රටේ සිටින ඉම්තියාස් නමැත්තකු පත්කර සිටින බඩට ද තොරතුරු ලැබී තිබෙන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart