
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර මහනගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51ක මුදලක් නගර සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයට වියදම් කිරීමට රැගෙන ගිය බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මූල්‍ය වංචාවට අදාළව නගර සභාවේ ගණකාධිකාරිවරයා ඇතුළු පිරිසක් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ නමුත් සිද්ධියෙන් මාසයකටත් වැඩි කාලයක් ගතවන තෙක්ම සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් විය.
ඒ සම්බන්ධයෙන් නැවත ජනමාධ්‍ය ඔස්සේ පුවත් පළවීමත් සමග පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින නිලධාරිනිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත්, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වෙයි.
සැකපිට අත්අඩංගුවට ගත් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 01 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart