
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්රථම රන්දෝලි පෙරහර ගමන් කිරීමට නියමිතව තිබූ ඊයේ (15) මහනුවර නගරයට බැතිමතුන් සහ විදේශිකයන් එක්රැස් වෙමින් සිටියදී එක්වරම වෙඩි හඬක් නිකුත් වීම හේතුවෙන් පිරිස නොසන්සුන්තාවට පත්වූහ.
මහනුවර නගරයේ හදවතේ වීදිය වශයෙන් සැලකෙන දළදා වීදිය ආසන්නයෙන් නිකුත් වූ එම වෙඩි පත්තුවීමේ සිදුවීම සම්බන්ධයෙන් පළාතේ විපක්ෂයේ ප්රබල මන්ත්රීවරයකුගේ දියණියකගේ සම්බන්ධයක් ඇතැයි නගරවාසීහු චෝදනා කරති.
එම විපක්ෂ මන්ත්රීවරයා ජනාධිපති අපේක්ෂකයාට සහාය පළකරමින් ඔහුගේ දියණිය තවත් පිරිසක් සමග පැමිණ නගරයේ විශාල රතිඤ්ඤා වැළක් දමා ගිනි දැල්වීම හේතුවෙන් රථවාහන තදබදයක් ද ඇතිවූ බව පොලිසිය කියයි.
රන්දෝලි පෙරහර ආරම්භ වූ ඊයේ (15) පෙරහර නැරඹීමට පැමිණි විශාල පිරිසකගෙන් පදිකවේදිකා පිරීගොස් තිබූ අතර මේ හේතුවෙන් එම පිරිස් දැඩි අපහසුතාවට පත්වූහ.
ඉන්පසු නගර සභා සේවකයෝ පැමිණ යළි මාර්ග පිරිසුදු කළහ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart