
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් KPMG ආයතනය විසින් සිදුකළ වෝහාරික විගණනයේ හඳුනාගත් මුලික කරුණු අද සවස තමා වෙත ලැබුණු බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
2022 වසරේ තමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෝහාරික පරීක්ෂණය සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දන්වා තිබුණු බව ඇමැතිවරයා පවසයි.
ඒ අනුව KPMG ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය විසින් සිදුකල පරීක්ෂණට අනුව පහත දැක්වෙන මුළික සොයාගැනීම් අනාවරණය වන බව ඇමැතිවරයා පවසයි.
1. 2010 වසරේ සිට තොරතුරු දත්ත ලක්ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදුමේන් මකා දමා හෝ වෙනස්කර ඇති බවද, ඉන් බහුතරය 2022 වසරේදී ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ සිදුව ඇති බවද,
2. 2022 වසරේ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලට පසුව 2023 වසර වනවිට එම දත්ත මකාදැමීම් හෝ වෙනස්කිරීම් අඩුවීමක් ඇති වී ඇති බවද,
3. 2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යෑමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් බිලියන 28 ක් වාර්තා කර ඇති බවත්, එය 2023 වසර වනවිට රුපියල් බිලියන 4 දක්වා අඩුව ඇති බවද,
4. පැරණි චක්‍රලේඛ සහ රෙගුලාසි මත මෙහෙයුම් සිදුවන බව සහ ප්‍රමාණවත් දත්ත සහ තොරතුරු නොමැති බව නිරීක්ෂණය වී ඇත.
මෙහි සම්පූර්ණ පරීක්ෂණය වාර්තාව එළඹෙන සතියේදී KPMG ආයතන විසින් ලබාදීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට සහ අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන අතර මෙම වාර්තාව ඉදිරි අවශ්‍ය කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලයටද, පාර්ලිමේන්තුවටද, විගණකාධිපති දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart