September 30, 2024

යුගයේ අවශ්‍යතාව අනුව ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට තමා සූදානම් යැයි ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි ‘දිවයින’ට පවසා ඇත.

තමාට ඒ සඳහා හැකියාවක් මෙන්ම සුදුසුකම්ද තිබෙන අතර තමාගේ රසික රසිකාවියන් රටපුරා සිටින බවද හෙතෙම පවසයි.

ඡන්දයට ඉදිරිපත් වෙන ලෙස තමාගෙන් ඉල්ලීමක් කළහොත් ඕනෑම පළාතකින් හෝ ඒ සඳහා ඉදිරිපත්වීමට හැකි යැයි කී කමල් අද්දරආරච්චි, ජනතා යහපත වෙනුවෙන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබාදිය යුතු යැයිද සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%