
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් රචනා කරන ලද කාව්‍ය 2579 කින් සමන්විත ශ්‍රී ලංකා සාහිත්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාව්‍ය සංග්‍රහය වන ‘රාජාලි සංදේශය’ එළිදැක්වීම සැප් 06 දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදුකෙරිණි.
මෙම කාව්‍ය සංග්‍රහය ඔස්සේ එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමනු වස් මෙරටේ විරෝධාර රණවිරුවන් විසින් සිදුකළ අති බිහිසුණු සංග්‍රාමය සහ පෙර රජ දවස මෙරට ඉතිහාසයේ සිදු වූ තවත් එවැනි ඓතිහාසික සිදුවීම් ද සංසන්දනාත්මකව විමසා බැලෙන අතර, කුරිරු යුද්ධයේදී හමුදා නිලධාරියකු වශයෙන් ජෙනරල් ගුණරත්න ලැබූ සිය පෞද්ගලික අත්දැකීම් ද එකට කැටි කොට ගනිමින් යුද්ධයේ සැබෑ ස්වරුපය තියුණු පිළිබිඹුවක් ලෙස කාව්‍යනුසාරයෙන් ඉදිරිපත් කරනු ලබන බව පැවැසේ.
එම කෘතියේ පළමු පිටපත ජෙනරල් ගුණරත්න සහ චිත්‍රානි ගුණරත්න විසින් මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම සිදු කල අතර අනතුරුව මෙම අවස්ථාවට පැමිණි අමුත්තන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කථානායක කරු ජයසූරිය, දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරල් විජය විමලරත්න යන අයගේ භාර්යාවන් වන ලලි කොබ්බෑකඩුව සහ මානෙල් විමලරත්න මහත්මීන් වෙත පිරිනැමීම මෙහිදී සිදු කරනු ලැබීය.
තවද රණවිරුවන් නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්වූ ‘අභිමන්සල’ හි ආබාධිත රණවිරුවන් වෙත ද කෘතියේ පිටපත් පිළිගැන්වීම සිදුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart