
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලුකිස්ථානයේ කලාත් ප්‍රදේශයේ දැඩි ශීත කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ පවතින ගෑස් සහ විදුලිය හිඟයට එරෙහිව කාන්තාවන් සහ ළමුන් ඇතුළු කලාත් ප්‍රදේශවාසීන් පසුගිය සිකුරාදා (23) දින විරෝධතාවක් ආරම්භ කර තිබේ.
විරෝධතාකරුවන් ක්වෙටා-කරච්චි අධිවේගී මාර්ගය අවහිර කරමින් වාහන තදබදයක් ද ඇති කර ඇත.
ඒ අනුව, විරෝධතාවට ප්‍රතිචාර වශයෙන්, අතිරේක නියෝජ්‍ය කොමසාරිස් Siraj Baloch, SHO Kalat Habib-ur-Rehman Babai, සහ අතිරේක SHO Kalat Levies Abdul Karim Mengal ඇතුළු ප්‍රාදේශීය බලධාරීන් විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.
එම සාකච්ඡාවලින් පසුව විරෝධතාකරුවන් සාමකාමීව විසිර ගොස් ඇත.
එසේම, අධිවේගී මාර්ගයද ගමනාගමනයට යළි විවෘත කර තිබේ.
කෙසේ වෙතත්, ගෑස් සහ විදුලිය සම්බන්ධ ගැටළු ස්ථිර ලෙස විසඳා නොගතහොත් තවදුරටත් විරෝධතා ක්‍රියාත්මක කරන බව විරෝධතාකරුවන් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart