
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර 2026 අගෝස්තු 13 වන දින රථයක් පදවන අතරතුර සජීවීව වීඩියෝ දර්ශන (Livestream) ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව වසර තුනකට පෙර පටිගත කරන ලද්දක් බව තොරතුරු පරීක්ෂාවකින් (Fact-check) තහවුරු වී තිබේ.
‘Fact Crescendo Sri Lanka’ ආයතනයට අනුව, මෙම වීඩියෝව 2023 අගෝස්තු 13 වන දිනට අයත් එකක් වන අතර, එම කාලය වන විට හර්ෂණ නානායක්කාර කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්ව සිටියේ නැත.
ඔහු එකල කටයුතු කළේ ජාතික ජන බලවේගයේ මොරටුව ආසන සංවිධායකවරයා ලෙසය.
වීඩියෝවේදී හර්ෂණ නානායක්කාර “අද අගෝස්තු 13” යනුවෙන් පවසන හඬ ඇසෙන බැවින්, එය මෙම වසරේ අගෝස්තු 13 වන දින පටිගත කරන ලද්දක් බවට සමහර සමාජ මාධ්‍ය පරිශීලකයන් ව්‍යාප්ත කර තිබිණි.
කෙසේවෙතත්, සිදුකරන ලද පරීක්ෂාවේදී (Reverse image search) මෙම වීඩියෝ දර්ශන 2023 අගෝස්තු 13 වන දින සිට අන්තර්ජාලය තුළ හුවමාරු වන බව අනාවරණය වී ඇත.
එම සම්පූර්ණ වීඩියෝවෙන් දැක්වෙන්නේ, එවකට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මොරටුව ආසන බලමණ්ඩල රැස්වීමට පාක්ෂිකයින්ට ඇරයුම් කරන ආකාරයයි.
එමෙන්ම, හර්ෂණ නානායක්කාර රථය පදවන අතරතුර තමාගේම ජංගම දුරකථනයෙන් මෙම වීඩියෝව පටිගත කළ බවට නැගුණු චෝදනා ද මෙම තොරතුරු පරීක්ෂාවේදී ප්‍රතික්ෂේප වී තිබේ. ඔහු රථය පදවමින් අදහස් දක්වන අතරතුර, ඉදිරිපස අසුනේ සිටි වෙනත් අයෙකු විසින් එම වීඩියෝව පටිගත කර ඇති බව සම්පූර්ණ වීඩියෝව නැරඹීමේදී පැහැදිලි වේ.
අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය ද තහවුරු කර ඇත්තේ මෙම වීඩියෝ දර්ශන හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයෙකු වීමට පෙර, එනම් 2023 වසරේදී පටිගත කරන ලද්දක් බවයි.
ඒ අනුව, මෙම පැරණි වීඩියෝව මෑතකදී සිදුවූවක් ලෙස පෙන්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ දැරූ උත්සාහය “නොමඟ යවන සුළු” (Misleading) තොරතුරක් ලෙස Fact Crescendo ආයතනය නම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart