
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ අනුව, තානාපතිනි ජූලි චුන්ග් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් තලතා අතුකෝරල සමඟ සාකච්ඡාවල නිරත වී ඇත.
පැයකට අධික කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු පිළිබඳව අවධානය යොමුකර ඇති බව වාර්තා වේ.
එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී ද සාකච්ඡා පවත්වා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart