January 18, 2026

බංග්ලාදේශයේ මාධ්‍යවේදීන්, කතුවරුන් සහ මාධ්‍ය ආයතන හිමිකරුවන් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එරට ප්‍රමුඛ ජාතික පුවත්පත් ආයතන දෙකකට මැර පිරිසක් විසින් මෑතකදී එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව ඔවුන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් බිය පළ කර තිබේ

නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය තුළ බංග්ලාදේශයේ මාධ්‍ය කර්මාන්තය ක්‍රමානුකූලව ඉලක්ක කර ගනිමින් සිටින බව ඔවුහු චෝදනා කළහ.

රටේ ප්‍රමුඛ ඉංග්‍රීසි භාෂා දිනපතා පුවත්පත වන ඩේලි ස්ටාර් සහ අගනුවර වන ඩකා හි පිහිටි විශාලතම බෙංගාලි භාෂා පුවත්පත වන ප්‍රොතොම් අලෝ යන පුවත්පත් දෙකටම එල්ල වන ප්‍රහාර වැළැක්වීමට පරිපාලනය අපොහොසත් වූ බව ඔවුහු පවසා තිබේ.