April 3, 2026

රිය අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදි භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභවප්‍රප්ත විය.

ගාල්ල රිච්මන්ඩි විදුහලේ ආදීසිසුවකු වූ ඔහු දෙදහස වසරේදී දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයකු ලෙස පුවත්පත් කලාවට එක්විය.

පසුව ඔහු දිනමිණ හා රිවිර පුවත්පත් වලද හිරු නාලිකාවේද සේවය කළේය.

මියයන විට හතලිස් හත්වැනි වියේ පසු වු ඔහු ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සුගතපාල මෙන්ඩිස්ගේ පුත්‍රයා ය.

ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයෙන අංශයේ ජ්‍යෙෂ්ඨ කථ්කාචාර්ය හිමේෂා ධර්මසේනගේ සැමියා වූ ඔහු මාලඹේ හොරයිසන් විදුහලේ ඉගෙනුම ලබන දීමත් තේජක මෙන්ඩිස්ගේ පියාය.

දේහය සෙනසුරාදා(4) මැදියම් රැයේ සිට ගාල්ල,බූස්ස,මහගෙදර වත්තේ පිහිටි නිවසේ තැන්පත් කරනු ඇත.

අවසන් කටයුතු සඳුදා පස්වරු 5.00ට දඩල්ල පොදු සුසානභුමියේදි සිදුකෙරේ.