
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේවේශසහගත ප්‍රකාශයක් කරමින් සිදුකළ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දුගෙන් අයකර දෙන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක පැවරූ නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 24 දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන අද (24) දින නියම කළේය.
ජනාධිපතිවරයා විසින් හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දුට හා අදාළ ප්‍රකාශය විකාශය කළේ යැයි කියන දෙරණ රූපවාහිනි නාලිකා සමාගමට එරෙහිව මෙම නඩුව ජනාධිපති ධූරයට පත්වීමට පෙර පවරන ලද අතර, අනුර කුමාර දිසානායක විසින් පසුගිය නඩු වාරයේදී සාක්ෂි ලබාදීම ද සිදුකළේය.
එම නඩුව අද (24දා) කැඳවූ අවස්ථාවේදී අනුර දිසානායකගේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් පැමිණිලිකරු මේ වන විට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී ඇති බව අධිකරණයට දන්වන ලදී.
එමෙන්ම වගඋත්තරකරු බී.එම්ඩ.බ්ලිව් වර්ගයේ මෝටර් රථයක් නීතිවිරෝධී ආකාරයට එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවට නීතිඥයන් විසින් අධිකරණයට දන්වා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය 2017 වසරේදී තංගල්ල නගර ශාලාවේ සංවිධානය කළේ යැයි කියන රැස්වීමකදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුවී ඇති බවත් එමගින් සිදු වූ අපහාසයට වන්දි අයකර දෙන ලෙසත් ඉල්ලා මෙම නඩුව පවරා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart