August 24, 2026

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් විසින් කොළඹ පිහිටි එම සංගම් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.

සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලා විවිධ පාඨ සඳහන් පුවරු අතැතිව විරෝධතාකරුවන් නීතිඥ සංගම් මූලස්ථානය ඉදිරිපිට රැස්ව සිටි අතර, එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත බවද වාර්තා විය.