
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ජෝන් කීල්ස්’ හෝල්ඩිංග්ස් ප්රමුඛ සමාගම් වෙතින් රුපියල් මිලියන 400ක මූල්‍ය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්රමුඛ සමාගම් විසින් රුපියල් මිලියන 400ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
ඒ අනුව,
South Asia Gateway Terminals (SAGT) රුපියල් මිලියන 100ක්ද,
Nations Trust Bank රුපියල් මිලියන 100ක්ද,
Lanka Marine Services Pvt Ltd රුපියල් මිලියන 50ක්ද,
Jaykay Marketing Services Pvt Ltd රුපියල් මිලියන 50ක්ද,
Union Assurance රුපියල් මිලියන 50ක්ද,
Elephant House රුපියල් මිලියන 50ක්ද වශයෙන් ද පරිත්‍යාග කර තිබේ.
ඊට අදාළ චෙක්පත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ඩී. ගුණතිලක, South Asia Gateway Terminals හි ප්‍රධාන විධායක නිලධාරි Steen Knudsen විසින් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිළිගන්වනු ලැබීය.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ප්රමුඛ සමාගම් ජාලය නියෝජනය කරමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි (John Keells Holdings PLC) නියෝජ්‍ය සභාපති/සමූහ මූල්‍ය අධ්යක්ෂ ගිහාන් කුරේ ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart