
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑතකදී නිකුත් වූ ‘පකිස්ථාන ආර්ථික සමීක්ෂණය 2025-26’ වාර්තාවට අනුව, එරට විරැකියා අනුපාතය සියයට 6.3 සිට සියයට 7.1 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 4.5 සිට මිලියන 5.9 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මෙම දරුණු පසුබෑම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවට රජය කරන ප්‍රකාශයන් බිඳ හෙලන්නක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
එම සමීක්ෂණ වාර්තාවට අනුව, අදාළ කාලසීමාව තුළ රැකියා නියුක්ත ශ්‍රම බලකාය ද මිලියන 67.25 සිට මිලියන 77.2 දක්වා ඉහළ ගොස් ඇති අතර, එයින් රැකියා අවස්ථාවන්හි යම් වර්ධනයක් පෙන්නුම් කරයි.
“නමුත් ඒ සමඟම, රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව ද මිලියන 4.5 සිට මිලියන 5.9 දක්වා වැඩි වී ඇති අතර විරැකියා අනුපාතය සියයට 6.3 සිට සියයට 7.1 දක්වා ඉහළ ගොස් තිබේ. මේ තුළින් පෙනී යන්නේ ශ්‍රම බලකායේ වර්ධනයට සාපේක්ෂව රැකියා උත්පාදනය තවදුරටත් වේගවත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවයි” යනුවෙන් එහි සඳහන් වේ.
පකිස්ථානයේ ශ්‍රම සැපයුම පුළුල් වීම පිළිබිඹු කරමින්, වැඩ කළ හැකි වයසේ පසුවන ජනගහනය මිලියන 159.8 සිට මිලියන 179.6 දක්වා වර්ධනය වී ඇතත්, නව රැකියා උත්පාදනය ඊට සාපේක්ෂව ප්‍රමාණවත් වී නොමැත.
කෙසේ වෙතත්, ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය සියයට 44.9 සිට සියයට 46.3 දක්වා වර්ධනය වී ඇති අතර, එයින් තරුණයන් සහ කාන්තාවන් ඇතුළු සමස්ත ජනගහනය ශ්‍රම වෙළෙඳපොළ වෙත වැඩි වශයෙන් දායක වීම පෙන්නුම් කරන බව වාර්තාව පවසයි.
මෙම සමීක්ෂණය මඟින් එරට ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසක් ද නිරීක්ෂණය කර ඇත. ඒ අනුව ජනතාව ක්‍රමයෙන් කෘෂිකාර්මික අංශයෙන් බැහැර වන ප්‍රවණතාවක් පවතින අතර, කෘෂිකාර්මික අංශයේ රැකියා නියුක්ති දායකත්වය සියයට 37.4 සිට සියයට 33.1 දක්වා පහත වැටී තිබේ.
ඒ වෙනුවට තොග සහ සිල්ලර වෙළෙඳ අංශයේ රැකියා නියුක්තිය සියයට 14.5 සිට සියයට 16 දක්වා වර්ධනය වී ඇත.
කෙසේ වෙතත්, නිෂ්පාදන (කර්මාන්ත) අංශයේ රැකියා නියුක්තිය කිසිදු වර්ධනයක් නොපෙන්වා එකතැන පල්වෙන ස්වභාවයක් ගන්නා අතර, එයින් පැහැදිලි වන්නේ වැඩි ශ්‍රමිකයන් පිරිසක් අවශෝෂණය කර ගැනීමට තරම් එරට කාර්මික අංශය වේගයෙන් වර්ධනය වී නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart