
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජිමී ඇන්ඩර්සන් මෙම ගිම්හානයේදී ඔහුගේ ක්‍රිකට් දිවිය නිමාකරනු ඇති බව වාර්තා වේ.
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කිරීමෙන් පසු ජිමී ඇන්ඩර්සන් ඉවත් කිරීමට ඇති සූදානම පිළිබඳ දැනුම් දී ඇති බව සඳහන්ය.
The Guardian වාර්තාකරන පරිදි මැකලම් මෑතකදී නවසීලන්තයේ ඔහුගේ නිවසේ සිට සැතපුම් 11,000ක් දුර ගෙවා බ්‍රිතාන්‍ය වෙත පස්දින සංචාරයක් සඳහා පැමිණ ඇන්ඩර්සන්ව මුණගැසී ටෙස්ට් කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් ඔහුට පෞද්ගලිකව ඒ බව දැනුම්දී ඇත.
ඉන් අදහස් කරන්නේ 2025-26 ශීත ඍතුවේ දී මීළඟ අළු බඳුන තරගාවලිය සඳහා නැවුම් ප්‍රහාරයක් ගොඩනැගීමයි.
ඒ වන විට ඇන්ඩර්සන්ට වයස අවුරුදු 43ක් වීමට නියමිතව තිබේ.
එංගලන්තය මෙම ගිම්හානයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 6ක් ක්‍රීඩා කරන අතර, ඇන්ඩර්සන්ගේ උපන් ගමේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ්පි ටියේදී ශ්‍රී ලංකාවට එරෙහි එක් තරගයක් ද ඊට ඇතුළත් වේ.
ඒ සමග අගෝස්තු අගදී ඔහු පිටියෙන් ඉවත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart