
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගම් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්වූ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දෙසැම්බර් 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
දේවගැතිවරයා අද (13) පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අඛණ්ඩව දෙවන දිනටත් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා එම පරිශ්‍රයට පැමිණ පැය කිහිපයකට පසු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත අතර, දෙසැම්බර් 01 වැනි දින ඔහු ප්‍රථමයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළේය.
දේවගැතිවරයා ඉකුත් මැයි මස 14 වැනිදා සිංගප්පූරුවබලා ගොස් ඇත්තේ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට දින දෙකකට පෙරය.
ඔහු මාස ගණනාවකට පසු නොවැම්බර් 29 වැනිදා උදෑසන නැවත දිවයිනට පැමිණියේය.
අධිකරණ නියෝගයකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාශය ඔහු දිවයිනට පැමිණ පැය 48ක් ඇතුළත ප්‍රකාශයක් ලබාගත්තේය.
දේවගැතිවරයා මෙරටට පැමිණීමෙන් පසු අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය පසුගිය නොවැම්බර් 17 වැනිදා රහස් පොලිසියට නියෝග කළේය.
දේවගැතිවරයා පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් සටහන් කර ගත යුතු බවද එම තීන්දුවේ සඳහන් වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැතිවරයා ගොනුකළ පෙත්සමට අදාළව මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart