
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණය මගහැර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආගමික මතවාද ප්‍රවර්ධනය කිරීම සදහා බුද්ධාගම ඇතුළු සෙසු ආගම්වලට ආපහාස කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ෂමින්ද්‍ර වික්‍රම ඊයේ අභියාචනාධිකරණයේ දී ප්‍රකාශ කර ඇත.
නීතීඥවරයා මේ බව පවසා ඇත්තේ, ජෙරොම් ප්‍රනාන්දු දෙවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීය.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායාස්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලා තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, රහස් පොලීසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.
එහිදී නීතීඥ ෂමින්ද වික්‍රම අදහස් දක්වමින් පවසා ඇත්තේ, ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිදුකර ඇති වරද සුළුපටු නොවන බවත්, මීට පෙරද මෙවැනි පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර යළිත් ඉල්ලා අස්කර ගෙන මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළ බවත් ය.
ඒ අනුව පෙනීයන්නේ දේවගැතිවරයා නීතිය අවභාවිත කරමින් සිටින බව යැයිද ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart