
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැය 08ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.
ඔහු ඊයේ දිවයිනට පැමිණියේ, ඔහු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් අධිකරණය විසින් ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.
ආන්දෝලනාත්මක දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඊයේ (නොවැ 29) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.
මේ වසරේ මැයි මාසයේදී සභාවක් ඉදිරියේ බුදු රජාණන් වහන්සේ, ඉස්ලාම් සහ හින්දු ආගම පිළිබඳව අවමන් සහගත ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල වූ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටී.
ඔහු කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ දර්ශන නිසා මෙරට බෞද්ධාගම අදහන පිරිස තුළ කැළඹීමක් ඇති වී තිබිණි.
මෙම කලබලයෙන් පසුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.
පසුගිය මැයි මාසයේදී ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබා ගත්තද, ඒ වන විට දේවගැතිවරයා රටින් පිටව ගොස් සිටි බව අනාවරණය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart