May 11, 2024

වතු කම්කරුවන්ට පහර දෙන මැරයන්ට එරෙහිව පියවර ගන්නා බවට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමැති සහ ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමන් සහතික වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ වතුයායක වතු කම්කරුවන්ට එරෙහිව පසුගිය කාලයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තමන් දන්නා බව ඔහු පවසයි.

මැරයන් නීතිය අතට ගන්නා බවත්, තාවකාලික වාසස්ථාන කඩන බවත්, කම්කරුවන් තම ආහාර සඳහා වගා කරන ගහකොළ විනාශ කරන බවත්, දුප්පත් කම්කරුවන්ගේ ගස් කපන බවත්, විපක්ෂයේ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ද Xහි සටහනක් තබමින් මෙම ප්‍රශ්නය පිළිබඳ සඳහන් කර තිබිණි.

රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වතුකරයේ මෙවැනි ක්‍රියා සිදුවන බව ද මන්ත්‍රීවරයා පැවසීය.