
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට හිටපු ජාතික නායක සනත් ජයසූරිය ප්‍රශංසා කර ඇත.
“පිතිකරණයේ විශිෂ්ට හැකියාව ප්‍රදර්ශනය කළ පැතුම්ට සුබ පැතුම්. එය පෞද්ගලිකව දැකීමට ලැබීම මට මහත් භාග්‍යයක්” යැයි ජයසූරිය සිය ට්විටර්(X) ගිණුමේ සටහන් කර ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී උපදේශක පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බඳවාගත් ජයසූරිය අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට පැමිණ ඇෆ්ගනිස්ථානයට එරෙහි මෙම තරගය සජීවීව නැරඹුවේය.
පැතුම් නිශ්ශංක විසින් අද බිඳ දැමුවේ, එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූ සනත් ජයසූරියගේ වසර 23කට පෙර තැබූ ලකුණු 189 වාර්තාවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart