
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකායිචි එරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් පිරිසක් ද සමඟින් ලබන ජූලි මාසයේදී ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව Nikkei Asia පුවත් සේවය වාර්තා කරයි.
2025 ඔක්තෝබර් මාසයේදී ධුරයට පත්වීමෙන් පසු ඇය ඉන්දියාවේ නිරත වන පළමු නිල සංචාරය මෙයයි.
මෙම සංචාරයේදී ඇසෑම් ප්‍රාන්තයේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම, කාර්මික සහයෝගීතාව සහ සැපයුම් දාම හවුල්කාරිත්වයන් ශක්තිමත් කරගැනීම කෙරෙහි ජපාන දූත පිරිසේ ප්‍රධාන අවධානය යොමුවනු ඇත.
පසුගිය ජූනි 13 වැනිදා ඇසෑම් ප්‍රාන්ත මහ ඇමැති හිමන්ත බිස්වා සර්මා ද ප්‍රකාශ කර තිබුණේ, ලබන මාසයේදී ලොව බලගතු ගෝලීය නායකයෙකු පිළිගැනීමට තම ප්‍රාන්තය සූදානම් වන බවයි.
වාර්තා වන අන්දමට මෙම උසස් පෙළේ දූත පිරිසට සුසුකි මෝටර් රථ සමාගම (Suzuki Motor), ඉටෝචු (Itochu) වෙළෙඳ සමාගම සහ ටොයෝටා සමාගමේ වෙළෙඳ අංශය වන ටොයෝටා ට්සුෂෝ (Toyota Tsusho) යන ආයතන ඇතුළත් වන අතර, ඔවුන්ගෙන් ඇතැම් පාර්ශවයන් නව වාණිජ ගිවිසුම්වලට ද අත්සන් තැබීමට සැලසුම් කර ඇත.
නිෂ්පාදන ක්ෂේත්‍රය, යටිතල පහසුකම්, තීරණාත්මක තාක්ෂණයන් සහ කලාපීය සම්බන්ධතාව යන අංශවලින් දෙරට අතර සහයෝගීතාව පුළුල් කරගැනීමට ඉන්දියාව සහ ජපානය දරන උත්සාහයන් මධ්‍යයේ මෙම සංචාරය සංවිධානය කර තිබේ.
ජපානය දැනටමත් ඉන්දියාවේ විශාලතම ආයෝජකයින් අතර පසුවන අතර, සුසුකි වැනි සමාගම් ඉන්දියාවේ මෝටර් රථ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart