
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජපාන විදේශ ඇමැති හියාෂි යෝෂිමසා 2023 ජූලි 28 සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වේ.
මෙම සංචාරයේදී ජපාන විදේශ ඇමැතිවරයා විදේශ කටයුතු ඇමැති අලි සබ්රි සමඟ අමාත්‍යාංශයේදී නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධනද හමුවීමට නියමිතය.
ජපානයේ විදේශ කටයුතු ඇමැතිවරයා සමඟ ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකාමි මනබු, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටාකා, අන්තර්ජාතික සහයෝගිතා අධ්‍යක්ෂ ජනරාල් එන්ඩෝ කසුයා, නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ඔකානෝ යුකිකෝ ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම සංචාරයට සහභාගීවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart